දිස්ත්‍රික් ව්‍යාපාර සංගම්

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ව්‍යවසායකයින් එක් රැස් කර මනා තෝතැන්නක් නිර්මාණය කරයි. මෙහි දී ව්‍යවසායකයින්ට තමන්ගේම ගැටලු ඉදිරිපත් කර ඔවුන්ගේ ව්‍යාපාර සඳහා විවිධ විසඳුම් හා අදහස් ලබා ගත හැකි අතර අලෙවිකරණ අවස්ථා ද ලබා ගත හැකිය. මෙය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එබැවින් ව්‍යවසායකයින්ගේ සමාජ සුබසාධනය නංවාලීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙහිදී ව්‍යවසායකයින් තමන්ගේම අභිවෘදීය පිණිස ක්‍රියා කරයි.ඔවුන්ගේම සාමාජික මුදල් මගින් අරමුදලක් පවත්වා ගෙන යන අතර එමගින් ඔවුන්ගේම ව්‍යාපාර දියුණු කිරීම සදහා ණය පහසුකම් ලබා දේ.එපමණක් නොව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මග පෙන්වීම යටතේ ඔවුන් විසින්ම පොළවල් සංවිධානය කිරීම හා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරයි.