ජාතික වැඩසටහන් සහ සිදුවීම්

ව්‍යවසාය-අධ්‍යාපන හා වෙළෙද ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය තරුණ ව්‍යවසායකත්වයේ නිර්මාණශීලීත්වය පිළිබිඹු කරන්නෙකි. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව ලංකාවේ දසත පැතිරුණු සියලුම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන හා සේවා ඇගයීමත් එමගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙදපොළ මාර්ග සැකසීමත්,ව්‍යාපාර ගැටලු සදහා විසදුම් ලබාදීමත්,රාජ්‍ය අංශයේ ආයතනයක් ලෙස උපරිම දායකත්වයක් සැපයීමත් ව්‍යවසාය ප්‍රදර්ශනයේ අපේක්ෂාවයි.
මෙය මහා පරිමාණ දේශීය ව්‍යාපාරිකයින් හා ගැනුම්කරුවන් හට සුදුසු නිෂ්පාදකයින් හදුනාගැනීමට අවස්ථාවකි.නව තාක්ෂණ දැනුම ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ක්‍රියාත්මක කරන “තාක්ෂණික කලාපයක්ද”, මුල්‍ය උපදේශනය සදහා මහා බැංකුව ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික බැංකු එකතුව “බැංකු කලාපයක්ද” මෙම ප්‍රදර්ශනයේදී දක්නට ලැබේ.

SED Salon යනු ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්‌තර ක්ෂේත්‍රයන්හි නිරත වන ශිල්පීන්ගේ හැකියාවන් හා ආකල්ප දියුණු කිරීම උදෙසා ක්‍රියාත්මක වන්නා වූ ජාතික වැඩසටහනකි. මේ සදහා SED Salon මගින් ආචාර්ය ධර්ම පද්ධතියක් හදුන්වා දී ඇති අතර,එමගින් වෘත්තීමය දක්ෂතා දියුණු කර ලීමටත් ගෞරවණීය වෘත්තීමය පිළිගැනීමක් උදෙසා ගුණාත්මක සේවයක් මගින් ජාතික නිපුණතා සහතිකය ලබා ගැනීමට සුදානම් කිරීමත් සිදු කරයි.

SED café යනු ශ්‍රී ලංකාවේ තෝරාගත් කැෆෙහි නව ප්‍රවණතා ඇති කිරීමේ වැඩසටහනකි.එමගින් සංචාරකයින් සදහා වූ ආහාරවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කැෆේ වල ප්‍රමිතීන් ඉහළ නැංවීම, කැෆේ අයිතිකරුවන් හා සේවකයින්ගේ ධනාත්මක කුසලතාවන් හා ආකල්පත් රටේ ආපනශාලා වල සැපයුම්දාමය සදහා දායකත්වය සපයන නව දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමද මෙමගින් සිදු කෙරේ.

අපේ රටේ ඉදිරි ගමන සදහා අත්වැල සපයන්නෙකි ව්‍යවසායකත්ව සංවර්ධනය. ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව සංවර්ධනය මගින් රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි ඍජූ ලෙසම දායකත්වය සපයන අතර අභියෝග හමුවේ ව්‍යාපාර උත්පාදනය හා පවත්වා ගෙන යාමත් එමගින් රටට කැපී පෙනෙන යහපත් ප්‍රතිපල ගෙන ඒමටත් කටයුතු කර ඇත.

2014 වර්ෂයේදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ආරම්භ කරන ලද SED සම්මාන උළෙල ව්‍යවසායකයන් ඇගයීමටත් දිරි ගැන්වීමත් උදෙසා වූ අති උත්කර්ශනීය සම්මාන ප්‍රදානෝත්සවයකි.

ශ්‍රී ලංකාව තුල එදා මේදා තුර බිහි වූ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකත්ව සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සාර්ථකත්වය හදුනන්නකි. ලංකාව පුරා විසිරී ඇත්තා වූ පුළුල් පරාසයක් තුළ දිවෙන ව්‍යාපාර විශිෂ්ටත්වය ඉස්මතු කිරීමට මෙය අගනා අවස්ථාවකි.

SED සම්මාන උළෙලේ අරමුණු

  • ජාතික මට්ටමේ ව්‍යාවසායකයන් අගයනු වස් සම්මාන ප්‍රදානය කිරීම.
  • ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය වැඩිදියුණු කිරීමට ව්‍යාවසායකයින් දිරිගැන්වීම හා ධෛර්යමත් කිරීම.
  • ව්‍යාවසායකයින්හට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වීමට උත්තේජනයක් සැපයීම.

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය