අපේ ගමන් මග

1982 වර්ෂයේදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ස්ථාපිත කරන ලද අතර, රටේ ආර්ථික සංවර්ධනය සඳහා විභවතාවන් පවතින ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ඇතිකිරීම කිරීම සඳහාත්, දැනටමත් පවතින කුඩා ව්‍යාපාර වර්ධනය කිරීමට සුදුසු වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇත.ආරම්භයේදී එය යෞවන කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යංශයේ වෙනම අංශයක් ලෙස ස්ථාපනය කරන ලදී. වර්තමානයේ එය ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක වේ. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුඵ සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වල අප ආයතනය පවත්වාගෙන යනු ලබන අතර සියල්ලන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම මෙමගින් සිදුවේ.
ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් සේවාවන් සැපයීමේ අරමුණින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පහත සඳහන් ඒකක 07 මෑතකදී ස්ථාපනය කර ඇත.
  • ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය
  • අලෙවිකරණ සංවර්ධන ඒකකය
  • මුල්‍ය හා සහාය සේවා ඒකකය
  • ව්‍යාපාර උපදේශන ඒකකය
  • තාක්ෂණය හා නව්‍යකරණය ඒකකය
  • පර්යේෂණ හා සංවර්ධන ඒකකය
  • පරිපාලන හා මානව සම්පත් අංශය
විශේෂයෙන්ම විරැකියාවෙන් පෙ‍‍ළෙන තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගත් සේවාවන් හා පහසුකම් මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවන අතර ඒ සඳහා සේවා සපයනු ලැබේ. ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ විභවතාවයන් සහිත ක්ෂේත්‍රයන් තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය වීමත්, දැනටමත් පවතින ව්‍යාපාර දියුණු කිරීමත්ය. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර, ඒ තුළින් තරුණ තරුණියන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියණු කරමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය