පුහුණු හා ධාරිතා සංවර්ධනය කුඩා ව්‍යාපාර ව්‍යවසායක සංවර්ධන අංශයේ  (SEDD) ප්‍රධාන අංගයකි. මෙම ක්‍රියාවලිය තුළ ආකල්ප, හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරමු.

මෙම ඒකකයේ වැඩසටහන්  මගින්, අනාගත ව්‍යවසායකයින්ටත්, තම ශක්‍යතාවයන් හා නිපුණතාවයන් මගින් තම ව්‍යාපාරයන්ට  අගයක් ලබා දීමට කැමති  ක්‍ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත් සහාය ලබා  දීම සිදු කරයි

ධාරිතා හා සංවර්ධන පුහුණුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ තරගකාරීත්වය පවත්වා ගැනීම සදහා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමත් අවසානයේ ශ්‍රී ලංකාව තුල ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමත්ය.පාරිභෝගික කේන්ද්‍රීය ආයතනයක් ලෙස කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ව්‍යවසායකත්ව හා ව්‍යාපාරික සංවර්ධනයන්හි සියලුම අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පුහුණු මොඩියුලයන් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම සිදු කරයි.

 

පුහුණු අංශ,

 

  • ව්‍යවසායකත්ව සංවර්ධනය
  • ව්‍යාපාරික අවස්ථා හා අදහස් උත්පාදනය
  • කණ්ඩායම් තාක්ෂණික පුහුණුව
  • අලෙවිකරණය
  • ව්‍යාපාර සැලසුම්කරණය
  • සේවා තත්ත්වය හා පාරිභෝගික සත්කාරය
  • ව්‍යාපාර කළමනාකරණය
  • ව්‍යාපාර සදහා තොරතුරු තාක්ෂණය
  • මානව සම්පත් කළමනාකරණය
  • මෙහෙයුම් කළමනාකරණය
  • මුල්‍ය කළමනාකරණය
  • ගිණුම්කරණය සහ පොත් තැබීම
  • උපාය මාර්ගික කළමනාකරණය ආදීය

ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) සංවර්ධනය සදහා බලපාන තීරණාත්මක සාධකවන්නේ වෙළෙඳපොළ තත්ත්වය හා ප්‍රවේශයයි.එම නිසා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ජාත්‍යන්තරකරණය සදහා විවිධ පියවර ගැනීමත් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට දේශීය හා විදේශීය වෙළඳපොළ  වෙත ප්‍රවේශ වීමට පහසුකම් හා සහය සැපයීමත්  සිදු කරයි.මෙම ක්‍රියාවලිය ව්‍යාපාර තෝරා ගැනීම මගින් ආරම්භ වන අතර පහත සදහන් ප්‍රධාන අංශ හරහා ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා පුළුල් කිරීමට අපේක්ෂිතය.

 

ප්‍රධාන ක්‍රියාකාරකම් :

  • වෙළඳ පොළ තොරතුරු රැස් කිරීම සහ බෙදා හැරීම
  • දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදිත හා සේවා සුදානම් කිරීම
  • දේශීය මෙන්ම ජාත්‍යන්තර  වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නව වෙළෙඳපොළ අවස්ථාවන් වැඩිදියුණු කිරීම
  • අලෙවි මෙවලම් සංවර්ධනය කිරීම
  • ව්‍යාපාර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම
  • ගැනුම්කරු විකුණුම්කරු  හමු සදහා පහසුකම් සැලසීම
  • නැවත මිලට ගැනීම් හා උපකොන්ත්‍රාත් පහසුකම් සැලසීම
  • ප්‍රාදේශීය, ජාතික හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම
  • වෙළඳ  ප්‍රදර්ශන හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට සහභාගි වීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සහයෝගය දැක්වීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සන්නාම  නාම සංවර්ධනය
  • ව්‍යවසායක ඇගයීම හා සම්මාන ප්‍රධානය කිරීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම හා දියුණුව සඳහා මුල්‍යමය ප්‍රවේශය ඉතාම වැදගත් සාධකයකි. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා පුරෝගාමී හා වගකිවයුතු රාජ්‍ය ආයතනයක් වනකුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ඉතා පහසුවෙන් මුල්‍යමය ප්‍රවේශය ලබා ගැනීමටත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ මුල්‍යමය සාක්ෂරතාවය,දැනුම,කුසලතා වර්ධනය කිරීමටත් පියවර ගෙන තිබේ.

ප්‍රධාන ක්‍රියාකාරකම් :

  • ව්‍යාපාර  සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් සමබන්ධීකරණය
  • ක්‍ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි මුල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම
  • ක්‍ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා පුළුල් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම
  • ව්‍යවසායකයින්ගේ සමූපකාර සමිති හරහා ක්ෂණික ණය ලබා දීම
  • විශේෂයෙන් කාන්තාවන් හා තරුණ ව්‍යවසායකයින් සදහා සහනදායී බැංකු ණය ලබා දීම
  • ගිණුම්කරණය හා පොත් තැබීමේ පුහුණුව පිළිබදව හැකියාව හා කුසලතාව වැඩි දියුණු කිරීම
  • තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ගිණුම්කරණ ධාරිතාව හා කුසලතාව ශක්තිමත් කිරීම
  • ව්‍යාපාර සායනය සහ බැංකු සම්බන්ධීකරණය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් තම ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම සදහා, කළ යුත්තේ කුමක්ද එය කෙසේ කළ  යුත්තේද යන්න සැළසුම් කළ යුතුය.  මේ සදහා ව්‍යවසායකයාට තම ව්‍යාපාරයේ සියලුම අංශයන් පිළිබද දැනීමක් තිබිය යුතුය.එසේ නොමැතිනම් කුඩා ව්‍යාපාර වලට ඉහළ තරගකාරීත්වය තුළ පැවතිය නොහැකිය. මෙම ගැටළුව අවම කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපදෙස් හා මග පෙන්වීම අවශ්‍ය  වේ.

මෙම ආවේණික ගැටළුව විසඳීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් එක් එක් පුද්ගලයා පිළිබඳ නිරන්තර පසු විපරමක් ලබා දීම සහ ප්‍රවීණ අත්දැකීම් ඇති උපදේශකයින් හරහා අවශ්‍ය ව්‍යාපාර උපදේශනය සැපයීම සිදු කරනු ලබයි.

ප්‍රධාන ක්‍රියාකාරකම් :

  • අඛණ්ඩ පසු විපරමක්
  • MSME සඳහා පුද්ගලික ව්‍යාපාර උපදේශනය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර  සඳහා වෘත්තීය ව්‍යාපාර මාර්ගෝපදේශනය
  • කළමණාකරණ ගැටලු ආමන්ත්‍රණය කිරීම
  • උපායමාර්ගික හා සංවිධානාත්මක සැලසුම් සකස් කිරීම සඳහා සහාය වීම
  • ව්‍යාපාරික මාර්ගෝපදේශන තීරණ ගැනීමේදී සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයින්  සඳහා වෘත්තීමය මග පෙන්වීම ලබා දීම

MSME වර්ධනය සඳහා සුදුසු හා දැරිය හැකි නවීන තාක්ෂණයට ප්‍රවේශ වීම ද වැදගත් වේ. මෙයට විසදුමක් ලෙස කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් අත්පත්කර ගැනීමට සහ අනුවර්තනය වීමට සහායවීම තුළින් සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන වල ගුණත්වය ඉහළ නැංවීම, නව්‍ය, ඵලදායී සහ තරගකාරී නිෂ්පාදන බවට පත් කීරීම සහ ඒ සඳහා ව්‍යවසායකයිනගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම සිදු කරයි.

ප්‍රධාන ක්‍රියාකාරකම් :

  • තාක්ෂණ, වෘත්තීය සහ නිපුණතා පුහුණු සඳහා මුල්‍ය සහාය සැපයීම
  • තොරතුරුතාක්ෂණය භාවිතය තුළින් ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර දැනුම වර්ධනය කිරීම
  • හවුල්කාර ආයතන සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර  සඳහා නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම
  • දේශීය සම්පත් පදනම් කර ගනිමින් නව සහ අගය එකතු කළ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම
  • නව නිපැයුම්, ඵලදායිතාව සහ තරගකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන ගුණත්වය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහාය සැපයීම

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි කිරීම සදහා අඛණ්ඩ පර්යේෂණ හා සංවර්ධනය ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වේ.එබැවින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරයි.

ප්‍රධාන ක්‍රියාකාරකම්:

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා නව දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම
  • ජාතික මට්ටමේ ප්‍රතිපත්ති  සම්පාදනය සඳහා තොරතුරු සැපයීම
  • රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ එක්ව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නිරතවීම
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා කලාපීය හා ජාතික මට්ටමේ සැලසුම් නිර්මාණය කිරීම.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා පුහුණු පාඨමාලා සංවර්ධනය කිරීම

හුදෙක් ප්‍රතිපත්ති හා නීතිමය සාධක මගින් පමණක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි රැකියා අවස්ථා උත්පාදනය,නව්‍යකරණය,ඒවා පවත්වාගෙන යාම හා මුදල් ඉපැයීම වැනි කරුණු සාර්ථක කර ගැනීමට නොහැක. සමස්ත ව්‍යාපාරික පරිසරයට අදාළ ගැටලු විසඳීමකින් තොරව ව්‍යසායක මට්ටමේ මැදිහත් වීමෙන් පමණක් ව්‍යවසායක සංස්කෘතියක් බිහි කළ නොහැක. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පහත සදහන් ආකාර මගින් මෙම ගැටලුවලට විසදුම් සෙවීමට මැදිහත් වේ.
• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා සුහදශීලී නීති හා රෙගුලාසි නිර්මාණය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.
• ව්‍යාපාර නීති හා රෙගුලාසි පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට දැනුවත් භාවයක් ලබා දීම.
• ව්‍යාපාර ලියාපදිංචිය සදහා සහාය ලබා දීම.
• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සදහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග අත්වැල් බැද ගැනීම.

සොයන්න

මාධ්‍ය හා ප්‍රවෘත්ති කාමරය