
කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළු මාලාවක් ඔක්තෝම්බර් 4 වනදා සිට..
කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළු මාලාවක් අද සිට…
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් සිදුකරන කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළු මාලාව අද 2021 ඔක්තෝම්බර් 4 වැනිදා සිට ආරම්භවන අතර ඒ යටතේ
- පවුල් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 4,6,11,13,18,25 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට 12.00 දක්වාද,
- තනි පුද්ගල ව්‍යපාර කළමනාකරණය පිළිබඳ මාර්ගගත වැඩමුළුව 2021 ඔක්තෝම්බර් 4,6, 11 සහ 13 යන දිනයන්හිදී සවස 2.00 සිට 4.00 දක්වාද,
- සේවකයන් සහිත ව්‍යාපාරයක් කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න පිළිබඳව පැවැත්වෙන මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 18, 25, 27 සහ නොවැම්බර් 1 යන දිනයන්හිදී ප.ව 2.00 සිට 4.00 දක්වාද,
- සේවා ව්‍යාපාර කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න පිළිබඳව මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 18,25,27 සහ නොවැම්බර් 1 යන දිවනල පෙ.ව 10.00 – 12.00 දක්වාද,
- අභියෝග හමුවේ ව්‍යාපාර කළමනාකරණය කරගන්නේ කෙසේද? යන්න පිළිබඳ මාර්ගගත වැඩමුළුව ඔක්තෝම්බර් 8,10,15,18 යන දිනයන්හිදී 10.00 – 12.00 දක්වාද zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.