
Cyber SED වෙබ් පිවිසුම් හරහා දියත්කල “කාබනික පොහොර නිෂ්පාදනය“ දැනුවත් කිරීම
Cyber SED වෙබ් පිවිසුම් හරහා දියත්කල “කාබනික පොහොර නිෂ්පාදනය“ දැනුවත් කිරීම.
“හරිත රටක් වසවිස නැති හෙටක් “ තේමාව යටතේ සෞභාග්‍යයේ දැක්ම ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුඑමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා වූ කාබනික පොහොර නිෂ්පාදන වේගවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව තරුණ ව්‍යවසායකයන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි යොමු කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද මාර්ගගත දැනුවත් කිරීම සාර්ථකව අවසන් වෙයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් ප්‍රථම වරට දිවයින පුරා 1900කට ආසන්න තරුණ පිරිසකගේ සහභාගීත්වයකින් පවත්වන ලද මෙම වැඩමුළුවේ සමාරම්භක මොහොතට සම්බන්ධවෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ සිය අදහස් ප්‍රකාශ කරන ලදි.
තරුණ ව්‍යවසායක ප්‍රජාව වෙනුවෙන්ම ජනගත කරන ලද Cyber SED වෙබ් පිවිසුම් හරහා පවත්වන ලද ප්‍රථම මාර්ගගත දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මාකඳුර තිරසාර කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ආයතන සිය සම්පත්දායකත්වය ලබා දෙන ලදි.
මෙහිදි කාබනික පොහොර වෙළඳපල තුල පවතින වර්මාන අවස්ථාවන්, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සපුරා ගතයුතු මූලික අවශ්‍යතා, තාක්ෂණික සහය ලබාදීම සහ ප්‍රමිතිය පවත්වා ගැනීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය මූල්‍ය ආයතන මගින් හඳුන්වාදී ඇති ණය යෝජනා ක්‍රම පිළිබඳ සහභාගී වුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.
වැඩමුළුව අවසානයේ මෙම සියළු ආයතන සම්බන්ධ කර ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා පිවිසෙන තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙ සහය හා මගපෙන්වීම ලබාදීමට ක්‍රියාත්මක වැඩපිළිවෙල හා ඒ සමග සම්බන්ධ වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදි.