News Detail

sedadmin June 11, 2021

SEDD සහ ‘’සන්ලයිට් මනුදම් වියමන” එක්ව ව්‍යවසායක ඔබව බලගැන්වීමට සූදානම්

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ SINGER Fashion Academy හි සහයෝගීතාව ද ඇතිව යුනිලිවර් ආයතනයේ සන්ලයිට් මනුදම් වියමන අරමුදල මගින් COVID 19 වසංගතය හමුවේ පීඩාවට පත් ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නගා සිටුවීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන් මගින් ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ කුසලතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන්ම සැකසුණු වටිනා පුහුණු පාඨමාලා ගණනාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ නොමිලේ හැදෑරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මේ සමග ලියාපදිංචි වී සාර්ථකව පාඨමාලාව අවසන් කරන ව්‍යවසායකයන් අතුරින් තෝරාගත් 250කට තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම සඳහා මුදල් ත්‍යාග හිමිවනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *