News Detail

sedadmin August 12, 2020

තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක්

ජාතික තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ජාතික යොවුන් සේනාංකය, නායකත්වය සංවර්ධනය සඳහා ජාතික මධ්‍යස්ථානය සහ ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය යන ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් සිදු කරනු ලබන තරුණ සංවර්ධන ධාරිතා වර්ධන වැඩසටහන් සඳහා සහයෝගීතාවය ලබා ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් ජූලි මස 31 වන දින තරුණ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

එහිදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ සියලුම ආයතන ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කිරීම, ආයතනික වශයෙන් විශේෂිත පුහුණු වැඩසටහන් හුවමාරු කර ගැනීම, අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන පැවැත්වීම ආදිය පිළිබඳව එකඟතාව පළකර ඇති අතර මෙම ආයතනවල පුහුණුව ලබන සියලු සිසුන්ට අවශ්‍ය ව්‍යවසායකත්ව දැනුම ලබාදීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු කරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *