News Detail

sedadmin August 12, 2020

හස්ත කර්මාන්ත ආශ්‍රිත තරුණ ව්‍යවසාය ප්‍රවර්ධන ජාතික වැඩසටහනක් ඇරඹේ

හස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව මෝස්තර මධ්‍යස්ථානය හා ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහභාගීත්වයෙන් තරුණ හස්ත කර්මාන්ත ශීල්පීන්ට ව්‍යවසායකයින් ලෙස නැඟී සිටීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

දිවයිනේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදිථ ජාතික ශිල්ප සභාවේ පළාත් සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශය මත එක් තරුණ ශීල්පියෙකු බැගින් තරුණ තරුණියන් 332ක් මෙහි ප‍්‍රතිලාභීන් වශයෙන් තෝරා ගැනීමට සැලැසුම් කර ඇත.

ඔවුන්ව ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය කරමින් ඔවුන්ගේ නිර්මාණ හා නිෂ්පාදන ජාත්‍යන්තන්තරය දක්වා ඔසවා තැබීම මෙහි මූලික අභිප‍්‍රායක් වන අතර ව්‍යවසායකත්ව දැනුම ලබාදීම සහ වෙළෙඳපොළ අවස්ථා උදාකරදීම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන්ද, මෙම ව්‍යාපෘතිය සඳහා වෙළෙඳපොළ අභිමුඛ නව නිර්මාණ දායකත්වය ජාතික මෝස්තර මධ්‍යස්ථානය වෙතින්ද ලබාදෙන අතර එහිදී තරුණ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ ඇති ‘ස්වශක්ති‘ ණය යෝජනා ක‍්‍රමය හරහා ණය ලබාදීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක්ව ආරම්භ කිරීම සඳහාද කටයුතු සම්පාදනය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *