News

12 Jan
By: sedadmin 1

2021 වසර සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය අලුත් වෙයි

         ලංකාවේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ව්‍යාප්තව ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2021 වර්ෂය සඳහා නව මුහුණුවරකින් ව්‍යවසායකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වීම පිණිස විවිධ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් මට්ටමින්ද කාර්යාල ස්ථාපිත කරමින් පවතී. මෙම වැඩසටහන යටතේ අනුරාධපුර, රත්නපුර, මහනුවර, මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සහ ගලෙන්බිඳුනු වැව, රාජාංගනය, තිරප්පනේ, ඉපලෝගම, පදවිය, රත්තොට, යටවත්ත, විල්ගමුව, ගලේවෙල, මන්මුනේ උතුර, මන්මුනේ බටහිර, පෝරතිවුපත්තු, වාකරේ, කන්තලේ, මූතූර්, කුරුවිට, මැදවච්චිය, රිදීමාලියද්ද, හපුතලේ, මහරගම, මුහුදුබඩපත්තු, ඔඩ්ඩුසුඩාන්, මාන්තේ නැගෙනහිර යනාදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රාදේශීය කාර්යාල මේ වන විට ස්ථාපිත කර ඇත.

Read More
10 Sep
By: sedadmin 2

දෙරණ ‘Startup 2021’ තරගාවලිය සදහා අවබෝධතා ගිවිසුම අත්සන් තැබේ

දෙරණ මාධ්‍ය ජාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, Youlead ආයතනය, SLIM ආයතනය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් ඒකාබද්ධව දියත් කරන තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් නිර්මාණය වන දෙරණ ‘Startup 2021’ Reality වැඩසටහන වෙනුවෙන් 2020.09.03 සවස 07ට ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අවබෝධා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා, දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපතතුමා සහ විධායක අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

Read More
12 Aug
By: sedadmin 2

හස්ත කර්මාන්ත ආශ්‍රිත තරුණ ව්‍යවසාය ප්‍රවර්ධන ජාතික වැඩසටහනක් ඇරඹේ

හස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව මෝස්තර මධ්‍යස්ථානය හා ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහභාගීත්වයෙන් තරුණ හස්ත කර්මාන්ත ශීල්පීන්ට ව්‍යවසායකයින් ලෙස නැඟී සිටීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

දිවයිනේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදිථ ජාතික ශිල්ප සභාවේ පළාත් සහකාර අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශය මත එක් තරුණ ශීල්පියෙකු බැගින් තරුණ තරුණියන් 332ක් මෙහි ප‍්‍රතිලාභීන් වශයෙන් තෝරා ගැනීමට සැලැසුම් කර ඇත.

ඔවුන්ව ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය කරමින් ඔවුන්ගේ නිර්මාණ හා නිෂ්පාදන ජාත්‍යන්තන්තරය දක්වා ඔසවා තැබීම මෙහි මූලික අභිප‍්‍රායක් වන අතර ව්‍යවසායකත්ව දැනුම ලබාදීම සහ වෙළෙඳපොළ අවස්ථා උදාකරදීම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන්ද, මෙම ව්‍යාපෘතිය සඳහා වෙළෙඳපොළ අභිමුඛ නව නිර්මාණ දායකත්වය ජාතික මෝස්තර මධ්‍යස්ථානය වෙතින්ද ලබාදෙන අතර එහිදී තරුණ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ ඇති ‘ස්වශක්ති‘ ණය යෝජනා ක‍්‍රමය හරහා ණය ලබාදීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක්ව ආරම්භ කිරීම සඳහාද කටයුතු සම්පාදනය කර ඇත.

Read More
12 Aug
By: sedadmin 3

තරුණ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් නව වැඩපිළිවෙලක්

ජාතික තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ජාතික යොවුන් සේනාංකය, නායකත්වය සංවර්ධනය සඳහා ජාතික මධ්‍යස්ථානය සහ ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය යන ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් සිදු කරනු ලබන තරුණ සංවර්ධන ධාරිතා වර්ධන වැඩසටහන් සඳහා සහයෝගීතාවය ලබා ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් ජූලි මස 31 වන දින තරුණ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

එහිදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ සියලුම ආයතන ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කිරීම, ආයතනික වශයෙන් විශේෂිත පුහුණු වැඩසටහන් හුවමාරු කර ගැනීම, අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන පැවැත්වීම ආදිය පිළිබඳව එකඟතාව පළකර ඇති අතර මෙම ආයතනවල පුහුණුව ලබන සියලු සිසුන්ට අවශ්‍ය ව්‍යවසායකත්ව දැනුම ලබාදීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු කරනු ලැබේ.

Read More
22 Mar
By: Admin 2

තරුණ ව්‍යවසායකයන්ට තුරුණු දිරියෙන් මිලියන 180 ක ණය

තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය හා ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන තුරුණු දිරියණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 180 ක් රට පුරා විසිරී සිටින ව්‍යවසායකයින්ට ලබාදී ඇත.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ලංකා බැංකුව විසින් මාර්තු මස 26 වැනිදා නිකුත් කළ වාර්තාවට අනුව රට පුරා තරුණ ව්‍යවසායකයින් 427 ක් අතර මෙම මුදල ණය වශයෙන් ලබාදී තිබේ. එමෙන්ම වැඩිම ණය ප්‍රමාණයක් නිකුත් කළ පළාත් ලෙස බස්නාහිර සහ සබරගමුව පළාත් ඉදිරියෙන්ම සිටී.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන තුරුණු දිරියණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර, එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළි, වයස අවුරුදු 40 ට අඩු තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබාදෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Read More
21 Mar
By: Admin 2

ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ජුනි සහ ජූලි මාසයන්හිදී

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයේ ප්‍රධානත්වයෙන් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ජුනි සහ ජූලි මාස දෙක පුරාම පැවැත්වේ. ඒ සදහා කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සහ කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ව්‍යවසායකයින් එකතුකර වව්නියා දිස්ත්‍රික්කයේ එක වැඩමුළුවක් සහ අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක එකතුකර එක වැඩමුළුවක් වශයෙන් වැඩමුළු 20ක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩසටහන දින 12ක නේවාසික වැඩසටහනක් වන අතර එහිදී තරුණ ව්‍යාපාරික ප්‍රජාව ව්‍යවසායකත්ව හැකියාවලින් සන්නද්ධ කිරීම අරමුණු වේ.

Read More
06 Mar
By: Admin 2

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ව්‍යවසායක දත්ත පද්ධතියක්

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන  හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් නුදුරේදීම එළිදැක්වීමට නියමිත ව්‍යවසායකින් පිළිබද තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියට මේ වන විට කුඩා ව්‍යාපාරිකයන් විසිදහසකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත. මෙම දත්ත පද්ධතිය හරහා දිවයින පුරා විසිරී සිටින කුඩා ව්‍යාපාරිකයන් පිළිබදව ක‍්‍රමවත්, යාවත්කාලීන තොරතුරු හා ඔවුන්ගේ නිෂ්පාදන පිළිබදව තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබේ. මෙම දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලිය ආයතනික නිළධාරී මහත්ම මහත්මීන්ද, දිවයින පුරා විසිරී සිටින ආර්ථික සංවර්ධන නිළධාරීන්ද එක්ව සිදුකරයි. මේ හරහා දිවයින පුරා විසිරී සිටින කුඩා ව්‍යාපාරිකයන්ට හට ඔවුන්ගේ ව්‍යාපාරික ගැටළු සදහා කඩිනමින් විසදුම් ලබාදීමටද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සැම විටම පෙරමුණ ගෙන සිටී.

Read More
09 Mar
By: Admin 2

‘SED SALON’ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තිස්පන්දහස ඉක්මවයි.

රූපලාවන්‍යාගාරවල සේවාවන් හා ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන  හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, අප ‘SED SALON’ නමින් ව්‍යාපෘතියක් ස්ථාපිත කර ඇති අතර මේ වන විටත් 4360 ක් වූ ලියාපදිංචි රූපලාවන්‍යාගාර ප්‍රමාණයක් අප අංශය සතුවේ.

මෙම ව්‍යාපෘතිය හරහා රූපලාවන්‍ය ශිල්පීන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම හා තාක්ෂණික පුහුණුව ලබාදීම සිදුකරන අතර රූපලාවන්‍යාගාර නියාමනය කිරීමද සිදුකරයි. මෙමගින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ‘Bridal Show’ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මේ වන විට ෆේස් බුක් පේජස් 465ක් අප අංශය මැදිහත් වීමෙන් නිර්මාණය කර ඇත.

මේ අතර ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක වන ‘තුරුණ දිරිය ණය යෝජනා ක්‍රමය තුළින් සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකරන ව්‍යවසායකයන්ට ණය ලබා දීමට ද කටයුතු සූදානම් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය විසින් සිදුකර ඇති විවිධ වැඩසටහන් සදහා මේ වන විට 35163ක පිරිසක්ද සහභාගීවී ඇත.                  

Read More